සිම්රි ඇතුල්වී යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී ඔහුට පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය.
තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය.
යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.
ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,
යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය.
යේහු දොරටුවෙන් ඇතුල්වෙන විට ඈ කථාකොට: ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, නුඹ සමාදානයෙන්දැයි ඇසුවාය.