අබියාම්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය.
ඒ කාලයෙහි යෙරොබොවම්ගේ පුත්‍රවූ අබියා ලෙඩ වුණේය.
රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම් ඔහු වෙනුවට රජවුණේය.
ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ විසිවෙනි අවුරුද්දේ ආසා යූදා කෙරෙහි රජවුණේය.
පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.
සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය;
උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.
මෙසේ අබියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය, ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.