Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 15:23

Sinhala Revised Old Version

ආසාගේ අනික් සියලු කාරණාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු කළ සියල්ලද ඔහු ගොඩනැගූ නුවරවල්ද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? නුමුත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් සෑදී තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.

ගෙරාර් අවට සියලු නුවරවලට ඔව්හු පහරදුන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඔවුන් පිටට භීතියක් පැමුණුණේය. ඔව්හු ඒ සියලු නුවරවල් කොල්ලකෑවෝය; ඒවායේ බොහෝ කොල්ලය තිබුණේය.

ඔහු යූදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.

අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්