Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 15:19

Sinhala Revised Old Version

මා සහ ඔබ අතරේද මාගේ සහ ඔබගේ පියා අතරේද ගිවිසුමක් තිබේ; මෙන්න රන් රිදී තෑග්ගක් ඔබට එවමි; ඉශ්‍රායෙල් රජවූ බාෂා මා වෙතින් අහක්ව යන පිණිස ඔබ ඇවිත් ඔහු සමඟ කර තිබෙන ඔබගේ ගිවිසුම කඩකළ මැනවැයි කියා ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

(ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් යූදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.)

ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.

හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් රජ ගෙදර ගබඩාවලත් තිබුණු රිදී සියල්ල ඔහුට දුන්නේය.

මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්‍රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.

එකල්හි හනානි නම් දිවස් ඇත්තා යූදාහි රජවූ ආසා ළඟට අවුත් කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹ විශ්වාසය නොතබා සිරියේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියේ රජුගේ සේනාව නුඹේ අතින් ගැළවී ගියාය.

නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.

ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;

අඥානයෝව, ගිවිසුම් කඩකරන්නෝව ජම්ම ස්නේහය නැත්තෝව, දයා නැත්තෝව සිටියෝය.

ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්