ඒ මහලු අනාගතවක්තෘද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, තමාගේ නුවරට ගෙනගොස්,
එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටළුවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටළුවා ඉරාදමා තිබුණේවත් නැත.
තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය.
රජද: ඔහු එසේ සිටියාවේ; කිසිවෙක් ඔහුගේ ඇටවලට අත නොගසාවයි කීවේය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටද සමාරියෙන් ආ අනාගතවක්තෘගේ ඇටද තිබෙන්ට ඇරියෝය.
ඔහුගේ ගෝලයෝ ඒ අසා ඇවිත්, ඔහුගේ මළකඳ ගෙනගොස් සොහොන් ගෙයක තැබුවෝය.