හැරී ඇවිත්, යම් ස්ථානයකදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් එපාය කියා නුඹට කීසේක්ද, ඒ ස්ථානයෙහිදී නුඹ කෑම කා වතුර බිවූ නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන්ගෙට නොපැමිණෙන්නේ යයි කීය.
යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ආඥාව රක්ෂානොකොට,
තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය.
තමාගේම සොහොන් ගෙයි තැබුවේය; ඔව්හුද: අහෝ මාගේ සහෝදරය! කියා ඔහු ගැන වැලපුණෝය.
සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු තැන්පත්කරන්නෝය; මක්නිසාද යෙරොබොවම්ගේ වංශය අතරෙන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින් යෙරොබොවම්ගේ වංශයෙන් ඔහු පමණක් සොහොනකට පැමිණෙන්නේය.
සෙනඟගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින්, මළකඳන් සොහොනක තබන්ට ඉඩ නොදෙති.