Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 13:20

Sinhala Revised Old Version

ඔවුන් මේසේ හිඳින කල ඔහු ආපසු කැඳවාගන ආ ප්‍රොපේත තැන වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

මෙසේ ඔහු සමඟ ඔහු හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේය.

යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ඔහු මොරගසා: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ආඥාව රක්ෂානොකොට,

ස්වාමීන්වහන්සේ බාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: නුඹ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.

ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.

දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:

ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.

ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,

මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්