මෙසේ ඔහු බෙතෙල්ට ආ මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේය.
බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට මෙසේ අණකොට–නුඹ කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ ආ මගින් හැරී යන්ටවත් එපාය කියා මට කියන ලද්දේයයි රජුට කීවේය.