ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යූදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් නුඹලාට වඩා අයිතිකම අපට ඇත්තේය. නුඹලා අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යූදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.