ෂෙබාහි බිසව සාලමොන්ගේ මුළු ප්‍රඥාවද ඔහු ගොඩනැගූ ගෘහයද,
සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. රජ විසින් ඈට තෝරාදෙන්ට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.
ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,
රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.
තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වූවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.
දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි.
මානෙල් වැඩෙන හැටි කල්පනාකරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත; එහෙත් තමාගේ මුළු ඉසුරුමත්කමේදී සාලමොන්වත් මේවායින් එකක් ලෙස පැළඳී සිටියේ නැතැයි නුඹලාට කියමි.