තවද රජ ඇත් දත්වලින් මහත් සිංහාසනයක් සාදා ඉතා පවිත්‍ර රනින් ඒක වැසුවේය.
සිංහාසනයට පඩි හයක් තිබුණේය, සිංහාසනයේ මුදුන පස්සෙන් වටකුරුව තිබුණේය. වාඩිවෙන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක්ද වූහ.
මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.
ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.
දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය.
ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.
බාෂාන්හි අලෝන ලීවලින් නුඹේ හබල් සෑදුවෝය; නුඹේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ,
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
නුමුත් පුත්‍රයා ගැන කථාකොට: දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය; ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය යුක්තියේ ජයකොන්තයක්ය.
රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද;
තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.