මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.
ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.
එවිට ඔවුන් කා තීන්දුවෙන කොටම අදොනියාටද ඔහු සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලන්ටද ඒ ඇසුණේය. යෝවාබ් හොරණෑ ශබ්දය අසා: නුවර කලඹන මේ ඝෝෂාව මොකක් නිසාදැයි ඇසීය.
ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරැව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. නුඹලාට ඇසුණු ඝෝෂාව ඒකය.
ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය.
මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූවෝය, නුවරද නිශ්චලව තිබුණේය. ඔව්හු අතලියා රජගෙදරදී කඩුවෙන් මැරුවෝය.
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; පොළොව ප්‍රීති වේවා; ද්වීප සමූහය සන්තෝෂවෙත්වා.
හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටී, නෙබුකද්නෙශර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්ට නුඹලාට අණකරනලද්දේය.
සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.
උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන:
මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.
ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.