මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පසු ස්වකීය සිංහාසනයෙහි හිඳගත යුත්තේ කවුද කියා ඔබගේ මෙහෙකරුවන්ට නොදන්වා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් විසින් මේ දේ කරනලද්දේදැයි ඇසුවේය.
නාතාන් කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අදොනියා මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගත යුතුය කියා ඔබ කීයෙහිද?
නුමුත් ඔහු මා, එසේය, ඔබගේ මෙහෙකරුවූ මාද පූජකවූ ශාදොක්ද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද ඔබගේ මෙහෙකරුවූ සාලමොන්ද කැඳෙවුවේ නැත.
එවිට දාවිත් රජ උත්තරදෙමින්: බැත්-ෂෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඈ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය.
ඈ වනාහි කන්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්වාගත්තාය. එවිට ගෙහාසී ඈ අහක්කරන පිණිස ළංවිය; නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කථාකොට: ඈ නිකම් උන්නාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි; ස්වාමීන්වහන්සේ එය මට නොදන්වා, මාගෙන් සැඟවූසේකැයි කීවේය.
දාවිත් මහලුව වයසින් පූර්ණවූ විට තමාගේ පුත්‍රවූ සාලමොන් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට පත්කෙළේය.
දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.