මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති.
තවද දාවිත්ගේ මිත්‍රයාවූ අර්කීය හූෂයි අබ්සලොම් ළඟට පැමිණුණ විට: රජු සැරදේවා, රජු සැරදේවයි කීවේය.
ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත.
නාතාන් කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අදොනියා මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගත යුතුය කියා ඔබ කීයෙහිද?
එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. නුඹලාත් හොරණෑව පිඹ–සාලමොන් රජු සැරදේවයි කියන්න.
ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.
අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය.
එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය.
එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය.
ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය.
එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය.
එබැවින්, අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමුව.
ඒ දවසට පසුවදා ඔව්හු ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමින්, ගොන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළු වස්සන් දහසකුත් දවන පූජාවල් කොටද ඒවායේ පාන පූජා සමඟ වෙනත් පූජාද බොහෝසෙයින්ම සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට ඔප්පුකළෝය.
එවිට ඔව්හු රාජ පුත්‍රයා පිටතට ගෙනවුත් ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත්කළෝය. යෙහෝයාදාද ඔහුගේ පුත්‍රයෝද ඔහු ආලේපකොට: රජ සැරදේවයි කීවෝය.
පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
නැවතත් ඔහු වෙන දාසයන් යවමින්: මෙන්න, මාගේ කෑම පිළියෙළකර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරනලද්දෝය, සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියන්නැයි කීවේය.
ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය.
සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව නුඹලාට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.