තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.
එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.
බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ!
යේසුස්වහන්සේ උත්තරදෙමින්: දවාලට දොළොස් පැයක් තිබෙනවා නොවේද? යමෙක් දහවල් ඇවිදින්නේ නම්, මේ ලෝකයේ එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිලෙයි.
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: තව ස්වල්ප කලක් ආලෝකය නුඹලා අතරේ තිබේ. අන්ධකාරය නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකය තිබෙන කල ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදැයි නොදනියි.
එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;
එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.
උතුම්වූ දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්,
එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.
නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.
අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.