ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්,
ඔබ නාඳුනන අන්‍ය ජාතීන් පිටද ඔබගේ නාමයෙන් යාච්ඤා නොකරන රාජ්‍යයන් පිටද ඔබගේ උදහස වැගිරෙවුව මැනව.
ඔබව හැඳින නොගත් ජාතීන් කෙරෙහිද ඔබගේ නාමයට යාච්ඤා නොකරන වර්ගයන් කෙරෙහිද ඔබගේ කෝපය වැගිරෙවුව මැනව. මක්නිසාද ඔව්හු යාකොබ් නාස්තිකළෝය, එසේය, ඔව්හු ඔහු නාස්තිකර නටබුන්කර, ඔහුගේ වාසස්ථානය පාළුකළෝය.
මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.
මක්නිසාද මේ සියල්ල ලෝකයේ ජාතීහු සොයති. මේ දේවල් නුඹලාට වුවමනා බව නුඹලාගේ පියාණන්වහන්සේ දන්නාසේක.
මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශකරමි.
එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක.
ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය.
තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක.
ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.
එසේවී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය.
ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.
එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.
නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.
සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.