මෙසේ ඔව්හු තමුන්ගේ පළමු විශ්වාසය අත්හැරිය බැවින් වරදට පැමිණෙති.
ඉශ්‍රායෙල් වනාහි යහපත එපාකෙළේය. සතුරා ඔහු පස්සේ එළවාගනයනවා ඇත.
යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ. මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.
ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන නුඹලා කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිතවෙමි.
නුමුත් යෞවන වැන්දඹුවන් එපාකරන්න. මක්නිසාද ඔව්හු ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණාවලින් පෙලඹුණාම සරණපාවාගන්ට ආශාවෙති.
ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.
මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න,
මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?