මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.
සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි. සැබවින් ඔව්හු නිෂ්කාරණයේ කැලඹෙති. ඔහු වස්තු රැස්කරයි, ඒවා හිමිකර ගන්නේ කවුදැයි නොදනියි.
යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.
පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.
සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.
එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.
නුමුත් සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන්ද;
අඬන්නෝ නාඬන්නන් මෙන්ද, ප්‍රීතිවන්නෝ ප්‍රීති නොවන්නන් මෙන්ද, මිලේට ගන්නෝ අයිති නැත්තන් මෙන්ද;
එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.
තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහකරන බවය.
මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.