Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 7:26

Sinhala Revised Old Version

මේ කාලයේ තිබෙන විපත්තිය නිසා මේක යහපතැයි සිතමි, එනම්, මනුෂ්‍යයෙකුට ඔහු සිටින ලෙසම සිටීම හොඳය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.

ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.

ඉඳින් නුඹලා විසින් ලියනලද කාරණා ගැනය. ස්ත්‍රියෙක් ස්පර්ශ නොකිරීම මනුෂ්‍යයෙකුට හොඳය.

නුඹ භාර්යාවකට බැඳී සිටින්නෙහිද? නිදහස්වෙන්ට නොසොයන්න. භාර්යාවකුගෙන් නිදහස්ව සිටිනෙහිද? භාර්යාවක් නොසොයන්න.

එහෙත් විවාහවුවත් එයින් නුඹට පාපයක් නැත; කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම නුඹලා එයින් වලක්වන්ට කැමැත්තෙමි.

නුමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය කියාය.

ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමුව.

මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්