මක්නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධකරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධකරනු ලැබ සිටියි. නැතහොත් නුඹලාගේ දරුවෝ අපවිත්‍රය.
සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය. පසුවදා ඔහු නැගිට ඔවුන් සමඟ පිටත්ව ගියේය, යොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක්ද ඔහු කැටුව ගියෝය.
තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.
යම් ස්ත්‍රියෙකුට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඔහු ඈ සමඟ වාසයකරන්ට කැමතිනම්, ඈ ඔහු අත් නොහරීවා.
මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.