1 කොරින්ති 6:2Sinhala Revised Old Versionනොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චයකරන බව නොදනිවුද? ඉඳින් නුඹලා විසින් ලෝකයා විනිශ්චයකරනු ලබන්නේ නම්, ඉතා සුළු කාරණා විනිශ්චයකරන්ට නුඹලා නොවටින්නෝද? පරිච්ඡේදය බලන්න |
තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය.