Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 6:16

Sinhala Revised Old Version

නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.

වේශ්‍යාවකුට මෙන් අපගේ සහෝදරීට ක්‍රියාකරන්ට ඔහුට යුතුදැයි ඔව්හු කීවෝය.

යූදා ඈ දැක, මුහුණ වසාගෙන සිටි බැවින් ඈ වේශ්‍යාවකැයි සිතුවේය.

තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.

ඒ දෙදෙනාද එක මාංසය වන්නෝය. මෙසේ ඔව්හු එතැන් පටන් දෙදෙනෙක් නොව එක මාංසය වෙති.

අපි දේවදූතයන් විනිශ්චයකරන්නෙමුයයි නුඹලා දන්නේ නැද්ද? එසේ නම් මේ ජීවිතයට අයිති දේම විනිශ්චයකරන්ට බැරිද?

මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.

ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරුනූණ තැනැත්තන් සමඟ විනාශ නොවී සිටියාය.

සම්සොන් ගාසාට ගොස් එහි වේශ්‍යා ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්