Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 6:13

Sinhala Revised Old Version

කෑම බඩ උදෙසාය, බඩ කෑම උදෙසාය. නුමුත් දෙවියන්වහන්සේ ඒකත් ඒවාත් නැතිකරනසේක. එහෙත් ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම පිණිස නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; ස්වාමීන්වහන්සේද ශරීරය උදෙසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

20 හුවමාරු යොමු  

කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද?

මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.

මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක.

නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.

නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය, නුමුත් ඔව්හු මළෝය.

එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා.

එබැවින්, මාගේ සහෝදරයෙනි, අප විසින් දෙවියන්වහන්සේට ඵල උපදවන පිණිස නුඹලාද අන් කෙනෙකුට එනම් මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ තැනන්වහන්සේට බැඳී, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කරණකොටගෙන ව්‍යවස්ථාවට මළ අය කරනු ලැබුවහුය.

නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?

නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.

නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?

මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.

උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය කියාත්, අපි නිශ්චයකොට කියමුව.

තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.

මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්