Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 3:17

Sinhala Revised Old Version

යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය.

තවද ශුද්ධවූ ගෘහයට මා විසින් සූදානම්කර තිබෙන සියල්ල හැර මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි ඇත්තාවූ මාගේ ළැදිකම නිසා මාගේම සම්පත වන රන්ද රිදීද මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දුන්නෙමි.

ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.

දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය.

ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.

අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.

උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.

අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.

ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.

එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: නුඹේ සියලු අශික්ෂිතකම්වලින්ද නුඹේ සියලු පිළිකුල්කම්වලින්ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් නුඹ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.

මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි, ඔවුන් මාගේ රහස් ස්ථානය කෙලහනවා ඇත. කොල්ලකාරයන්ද ඊට ඇතුල්වී කෙලහනවා ඇත. දම්වැළ සාදන්න.

එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් මධ්‍යයෙහි තිබෙන මාගේ මණ්ඩපය කිලුටුකොට තමුන්ගේ අපවිත්‍රකමෙන් නොනස්නා පිණිස නුඹලා ඔවුන්ගේ අපවිත්‍රකමෙන් ඔවුන් වෙන්කරන්න.

ඒ මනුෂ්‍යයා මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකරන්ටත් මාගේ ශුද්ධ නාමයට නින්දාකරන්ටත් තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දුන් බැවින් මම ඔහුට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු සිඳදමන්නෙමි.

ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.

එහෙත් යමෙක් අපවිත්‍රවී තමාගේ දෝෂ පහකරනොගත්තොත්, ඒ තැනැත්තා ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය දූෂණයකළ බැවින්, සභා මධ්‍යයෙන් සිඳිනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු පිට නොඉසිනලද්දේය; ඔහු අපවිත්‍රය.

නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?

කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්