Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 16:6

Sinhala Revised Old Version

මා යන කොයි දිශාවට නුමුත් මාගේ ගමනෙහි නුඹලා මා යවන පිණිස, නුඹලා සමඟ කලක් නවතින්නෙමි. නොහොත් ශීත කාලය ගතකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවූවෝය.

පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණ ලැබ, පිටත්ව ගියෝය.

ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය.

නුමුත් ඒ දවස් ගතවූ විට පිටත්ව අපේ ගමන ගියෙමුව; අප නුවරින් පිටවන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දණින් හිඳ යාච්ඤාකොට,

ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය හොඳ නැති බැවින්, එතැනින් පිටත්වී පුළුවන් නම් ඊශානටත් ගිනිකොණටත් ඉදිරියෙහි තිබෙන්නාවූ ක්‍රීතයේ වරායක්වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගතකරන්ට යන ලෙස වැඩිදෙනා දැනමුතුකම් දුන්නෝය.

තුන් මාසයකට පසු ශීත කාලය ඒ දිවයිනේ ගතකළාවූ නිඹුල් සොහොයුරු යන සටහන ඇති අලෙක්ෂන්ද්‍රීයාවේ නැවකට නැගී පිටත්වුණෙමුව.

මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමනේදී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)

එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.

නුඹලා වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් නුඹලා ළඟට ඇවිත් යුදයට යනගමනේදී නුඹලා විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි.

මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්