ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය.
නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.
සියලු මාංස එකාකාර මාංස නොවේ. මනුෂ්‍යයන්ගේ මාංසය එක් ආකාරයක, මෘගයන්ගේ මාංසය වෙන ආකාරයක, පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයක, මසුන්ගේ මාංසය වෙනත් ආකාරයක.
සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය.