Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 15:29

Sinhala Revised Old Version

ඇරත් මළවුන් උදෙසා බව්තීස්මකරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහු කිසිසේත් නැගුටුවනු නොලබන්නෝ නම්, කුමක්හෙයින් ඔවුන් උදෙසා බව්තීස්මකරනු ලබන්නෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

නුමුත් යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා දන්නේ නැත. මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්දැයි ඇසූසේක. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.

තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය.

මක්නිසාද මළාහු නැගුටුවනු නොලබත් නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නොනැගුටුණුසේක.

තවද සියල්ල උන්වහන්සේට යටත්කරනු ලැබුවාම, දෙවියන්වහන්සේ සියල්ලන් තුළ සියල්ල වන පිණිස පුත්‍රයාණන්වහන්සෙත් තමන්ට සියල්ල යටත්කළ තැනන්වහන්සේට යටත්වනසේක.

අපිත් කුමක්හෙයින් සෑම වේලේම අන්තරායෙහි සිටිමුද?

මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්