එසේම ශබ්ද නගන්නාවූ පණ නැති දේවල්–නළාව වුණත් වීණාව වුණත්–වෙනස් ආකාර ශබ්ද නොකරන්නේ නම්, පිඹින්නේ මොකක්ද, ගායනාකරන්නේ මොකක්දැයි දැනගන්නේ කොහොමද?
නුඹලාට විලාපකීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය.
අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළදාම්පළේ හිඳ ඔවුනොවුන්ට හඬගසා කියන්නාවූ දරුවන් හා සමාන වෙති.
මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.
ඉතින්, සහෝදරයෙනි, මම නුඹලා ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද?
එලෙසම හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද?
ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.