Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 කොරින්ති 14:23

Sinhala Revised Old Version

එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.

ඔහු බලා නොසිටින දවසකදීද නොදන්නා පැයකදීද ඒ දාසයාගේ ස්වාමියා ඇවිත් ඔහුට තදබලලෙස දඬුවම්කර, අවිශ්වාසයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්: ඔහු යක්ෂාවේශව උමතුව සිටියි; ඔහුට ඇහුම්කන්දෙන්නේ මක්නිසාදැයි කීවෝය.

නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.

ඔහු මෙසේ තමා ගැන උත්තරදෙද්දී පාවුල්, නුඹට ඔල්මාදය; බොහෝ උගත්කමෙන් නුඹ ඔල්මාදවී සිටින්නෙහියයි පෙස්තුස් මහත් හඬින් කීවේය.

මක්නිසාද පළමුකොට නුඹලා සභාවෙහි රැස්වන කල, නුඹලා අතරෙහි භේද තිබෙන බව මට ආරංචිය; එය තරමක් දුරට විශ්වාස කරමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්