එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා.
එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය.
මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස්වහන්සේගේ මවුවූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවම යාච්ඤාකරමින් සිටියෝය.
ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය.
තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.
සියල්ලෝම ආශ්චර්යකරන්නෝද? සුවකිරීමේ දීමනා සියල්ලන්ටම ඇත්තේද? සියල්ලෝම අන් භාෂාවලින් කථාකරන්නෝද? සියල්ලෝම තේරුම්කර දෙන්නෝද?
එසේම නුඹලාත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න.
මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත.
එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? නුඹලා රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.