එබැවින් මම භාෂාවේ තේරුම නොදනිම් නම්, කථාකරන්නාට පරදේශියෙක් වෙමි, කථාකරන්නා මට පරදේශියෙක් වේ.
එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.
ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා ම්ලේච්ඡයෝ දැක: ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙක්ය, ඔහු මුහුදෙන් ගැළවුණ නුමුත් ඔහුට ජීවත්වෙන්ට යුක්තිය තෙමේ ඉඩ නොහරින්නේය කියා කථාකරගත්තෝය.
මම ග්‍රීක්වරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානයන්ටත් ණයකාරයෙක්ව සිටිමි.
යම් පමණ වෙනස්වූ භාෂාවල් ලෝකයේ ඇද්ද, එයින් එකක්වත් අර්ථ රහිත නැත.
අන් භාෂාවලිනුත් අන්‍යයන්ගේ තොල්වලිනුත් මම මේ සෙනඟට කථාකරන්නෙමි; එසේවුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.
එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.