නුමුත් අපගේ ශෝභනවූ කොටස්වලට එසේ ඕනෑ නැත. නුමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස,
තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.
උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක.
නුඹේ දකුණු ඇස ඔබට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත.
ශරීරයේ වඩා නම්බු රහිතයයි අප සිතන කොටස්වලට වඩා නම්බු දෙමුව; මෙසේ අපගේ අශෝභනවූ කොටස්වලට වඩා ශෝභනකම ලැබේ.
දෙවියන්වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී, ශරීරය සංයෝජනය කළසේක.