මක්නිසාද පළමුකොට නුඹලා සභාවෙහි රැස්වන කල, නුඹලා අතරෙහි භේද තිබෙන බව මට ආරංචිය; එය තරමක් දුරට විශ්වාස කරමි.
මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?
මිත්‍යාදෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වේශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය; එනම්, නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය.
නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද?