නුඹලා ඉදිරියෙහි තබනලද කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා, කන්න.
තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු.
ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.
මස්කඩේ විකුණන කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා කන්න; මක්නිසාද පොළොවත් එහි සම්පූර්ණකමත් ස්වාමීන්වහන්සේගේය.
එසේය, නුඹලා කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව, නුඹලා කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.