ඔයාලා හිතනවද ලෝකෙ දෙන සාමය ඇත්ත සාමය කියලා? ඒක හරියට තාවකාලික සැනසීමක් විතරයි. ඒක කරදර නැති සාමයක්, කෘත්‍රිම සාමයක් විතරයි. අපිට නම් ඒ ස්වර්ගීය සාමය අපේම උත්සාහයෙන් ලබාගන්න බෑ. ඒක අපේ හිතේ හදාගන්න පුළුවන් මානසික සාමයක් විතරයි.
තේරුම් ගන්න අමාරු වුණත්, අපිට එන කරදරත් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් අපේ හදවත් තුළ වාසය කරන සාමය ලබා දෙන්න උපකාරී වෙනවා. ඒ සාමය දෙවියන් වහන්සේගේ මැදිහත්වීම එනකම් අපි තුළ රැඳෙනවා. ඒක ශුද්ධාත්මයාණන්ගේ ඵලයක්. (ගලාති 5:22)
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.
මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි. මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති. නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.
ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.
සමාදානයේ ස්වාමීන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා.
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.
මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.
සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, ස්වාමීන්වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි.
බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක. ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.
නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.
නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය; මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය.
ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක.
මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.
එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති. ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය. එබැවින් නැගිට, බැස, කිසිසේත් සැක නොකොට, ඔවුන් සමඟ යන්න. මක්නිසාද මම ඔවුන් එවීමියි කීසේක.
ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක. එයින් පසු අනාගතවක්තෘවූ සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් දුන්සේක. ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක. උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක. ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්‍රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක. උන්වහන්සේගේ ඊමට පෙර යොහන් ඉශ්‍රායෙල්ගේ මුළු සෙනඟට පශ්චාත්තාපයේ බව්තීස්මය ප්‍රකාශ කෙළේය. තවද යොහන් තමාගේ මෙහෙය ඉෂ්ටකරමින් සිටියදී: මම කවුරුය කියා නුඹලා සිතවුද? මම උන්වහන්සේ නොවෙමි. බලව, මට පසුව කෙනෙක් එනසේක, උන්වහන්සේගේ පාදවල වහන් මුදන්ටවත් මම නොවටිමියි කීවේය. සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය. මක්නිසාද යෙරුසලමෙහි වසන්නෝද ඔවුන්ගේ මුලාදෑනිවරුද උන්වහන්සේවත් සියලු සබත් දවස්වල කියවෙන අනාගතවක්තෘවරුන්ගේ හඬවත් නොදැන, උන්වහන්සේ වරදට පත්කිරීමෙන් ඒවා සම්පූර්ණකළෝය. උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බ නූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල ඔවුන් සම්පූර්ණකළ විට, ගසෙන් උන්වහන්සේව බාගෙන, සොහොන්ගෙයක තැබුවෝය. එවිට ඔව්හු නිරාහාරයෙන් හිඳ යාච්ඤාකොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත්කර හැරියෝය. නුමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක. උන්වහන්සේ තමන්වහන්සේ සමඟ ගලීලයෙන් යෙරුසලමට ගියවුන්ට බොහෝ දවසක් පෙනි පෙනී සිටිසේක. ඔව්හු දැන් සෙනඟට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය. එබැවින් දෙවියන්වහන්සේ පියවරුන්ට දුන් පොරොන්දුව යේසුස්වහන්සේව නැගිටවීමෙන් අපේ දරුවන්ට සම්පූර්ණයෙන් ඉෂ්ටකළසේකැයි යන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමුව. එසේම: නුඹ මාගේ පුත්‍රයාය, අද නුඹ ජනිතකෙළෙමියි දෙවෙනි ගීතිකාවේ ලියා තිබේ. තවත් කුණුවීමට නොහැරෙන ලෙස දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටෙවු බවට මෙයාකාරයෙන් කීසේක, එනම්: දාවිත්ගේ ශුද්ධවූ ස්ථිරවූ ආශීර්වාද නුඹලාට දෙන්නෙමියි යනුයි. ඇරත් වෙන ගීතිකාවකද: ඔබගේ ශුද්ධ තැනැත්තා කුණුවීමට පැමිණෙන්ට ඉඩ නොදෙනසේකැයි කීසේක. කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය. නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක. එහෙයින්, සහෝදරයෙනි, උන්වහන්සේ කරණකොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශකරනු ලබන බව දැනගන්න. අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ කරනු ලබන්ට නුපුළුවන්විය. මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.
ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය; ඔව්හු මිසිය ඉදිරියට ඇවිත්, බිතිනියට යන්ට උත්සාහකළෝය; නුමුත් යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්සේක.
ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.
නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.
මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.
නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක. මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි. නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.
ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.
නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?
මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක.
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?
ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි. තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක. එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය. මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත. මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය. මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි. මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.
උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්,
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.
නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.
ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්: ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට:
නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.
උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි, උන්වහන්සේද ඔහු තුළ පවතිනසේක. උන්වහන්සේ අප තුළ සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය.
අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.
නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,