Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තෙසලෝනික 3:16 - Sinhala Revised Old Version

16 සමාදානයේ ස්වාමීන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 සාමයේ ස්වාමින්වහන්සේම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තෙසලෝනික 3:16
40 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.


මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.


නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.


ඉඳින් සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා. ආමෙන්.


සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.


එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.


ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.


සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.


ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.


ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.


ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්ම සමඟ වේවා. ආමෙන්.


නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.


තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.


බලව, බෝවස් බෙත්-ලෙහෙමේ සිට අවුත්: ස්වාමීන්වහන්සේ නුඹලා සමග වේවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය.


ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,


ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය.


ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න. සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ වනසේක.


මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.


මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.


එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.


ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක.


උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.


කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනඟට සමාදානය හටගන්වන්නේය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලා සියල්ලන් සමඟ වේවා.


මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා.


පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයන්ට වේවා.


ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්