ඔබේ ජීවිතයට දෙවියන් වහන්සේගේ වචනය කොතරම් වැදගත්ද කියලා බයිබල් දිනයේදී අපිට මතක් කරගන්න පුළුවන්. ඒ වගේම බයිබලය පරිවර්තනය කරලා, අපිට කියවන්න ලබා දෙන අය ගැනත් මතක් කරගන්න ඕන. අපි හැමෝම එකම ඇදහිල්ලකින් එකමුතුව ජීවත් වෙන්න කියලා පාවුල්තුමා අපිට කියලා තියෙනවා. එතකොටයි අපිට අනිත් අයට සේවය කරන්නත්, යේසුස් වහන්සේගේ ශුභාරංචිය ගැන කියලා දෙමින් ඇදහිලිවන්ත ප්‍රජාවක් ගොඩනගන්නත් පුළුවන් වෙන්නේ. "දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි, බලවත්, ඕනෑම දෙපැත්ත කැපෙන කඩුවකට වඩා තියුණුයි. ඒක අපේ ආත්මයයි ශරීරයයි වෙන් කරන තරම් ගැඹුරට කිඳා බහිනවා. අපේ සිතුවිලි සහ අභිප්‍රායන් පවා හඳුනා ගන්නවා." (හෙබ්‍රෙව් 4:12). මේ විශේෂ දවස සමරන්න හොඳම ක්‍රමයක් තමයි, අපි හැමෝම එකතු වෙලා බයිබලයක් නැති අයට බයිබලයක් දීම. එතකොට ඒ අයටත් දෙවියන් වහන්සේගේ සත්‍යය තුළ ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඒක ඇත්තටම ලොකු පිනක්.
දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක.
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.
මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.
එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.
උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.
නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය.
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.
මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.
මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය. කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය.
උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.
දාසයෙක් වේවා, නිර්දාසයෙක් වේවා, එක් එක් අය කරන්නාවූ යම් යහපතක් ඇද්ද, ඊට ස්වාමීන්වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන,
උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.