Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

උප ප්‍රවර්ගය

නිරන්තර ජීවනයේ පැතුමපුනර්ජීවනයේ පොරොන්දුවදෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රතිඥාවඑකඟතාවයදෙවියන් වහන්සේ ඔබව කිසිදා අත්නොහරින බවට දුන් පොරොන්දුවඋනන්දුවආදරය, ප්‍රේමය, සෙනෙහසසහායආශිර්වාදයශෝකයදෙවියන්ගේ රැකවරණයදෙවියන්ගේ රැකවරණයවිවේකයජීවිතයට මග පෙන්වීමඋත්කර්ෂයට නැංවීමවිශ්වාසයශක්තියආත්ම ජයග්‍රාහකයෝදෙවියන් වහන්සේගේ මහිමය අත්විඳින්නදරුවන්ආගන්තුක සත්කාරයයෞවනයින්සාධාරණීකරණයනිදහසදීර්ඝායුෂගුරුවරුන්භාරකාරත්වයදූත මෙහෙවරකාන්තාවන්ඉවසීමදෙවියන් වහන්සේගේ වදනනොපසුබට උත්සාහයදිව්‍ය පැමිණීමසෞභාග්‍යයසැපයුමආරක්ෂාවමෙසියස් රාජ්‍යයප්‍රතිසංස්කරණයනැවත නැඟිටීමහෙළිදරව්වගැලවීමදෙවියන්ට ගරුබියපෞද්ගලික වර්ධනයසරුසාර ජීවිතයක්

110 දෙවියන්ගේ එළිදරව්ව පිළිබඳ බයිබල් පද

110 දෙවියන්ගේ එළිදරව්ව පිළිබඳ බයිබල් පද

“වැස්ම ඉවත් කිරීම” යන අර්ථය ඇති ග්‍රීක වචනයක් වන “ඇපොකැලිප්ස්” යන්නෙන් තමයි “එළිදරව්ව” කියන වචනය බිඳී එන්නේ. තනිවම දේවියන්වහන්සේව දැන ගැනීමට ඔබට නොහැකියි. නමුත් උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම මේ ලෝකයට උන්වහන්සේව එළිදරව් කිරීම බව දැනගැනීම මොනතරම් සතුටක්ද! යේසුස් වහන්සේ පැවසූ පරිදි, "නුඹලා මා තෝරා නොගත්තෙහිය; මම නුඹලා තෝරාගතිමි" (යොහන් 15:16). ඔබට උන්වහන්සේව පැහැදිලිව දැකගත හැකි වන පරිදි උන්වහන්සේ අපගේ අවබෝධයේ වැස්ම ඉවත් කිරීමට ගත් තීරණය යේසුස් වහන්සේ අවධාරණය කළා.

ප්‍රේරිත පාවුල් එපීස පල්ලියට ලියූ ලිපියේ, ඔහු නොකඩවා දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටි මහත් ආශාව ප්‍රකාශ කළ ආකාරය සිහිපත් කිරීම සිත්ගන්නා කරුණක්. ඔහු මෙසේ පැවසුවා, "අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවිඳාණන් වන තේජසේ පියාණන්වහන්සේ උන්වහන්සේ පිළිබඳ දැනගැනීමෙහි ඥානයේ සහ එළිදරව්වේ ආත්මය නුඹලාට දෙන පිණිස, මම නුඹලා ගැන ස්තුති කරමින්, නුඹලා සිහිකරමින් මාගේ යාච්ඤාවල නොකඩවා ඉල්ලමි" (එපීස 1:16-17).

එළිදරව්වට සීමාවක් නැති බව ඔබ තේරුම් ගත යුතුයි. එපීසයේ විශ්වාසවන්තයින් වෙනුවෙන් පාවුල්ට තිබූ ආශාවම ඔබ වෙනුවෙන් පියාණන්වහන්සේටත් තිබෙනවා. උන්වහන්සේ ඔබ උන්වහන්සේව දැන ගැනීමට කැමතියි. එළිදරව්වේ ආත්මය තුළින් ඔබට දෙවියන්වහන්සේගේ මහිමය පැහැදිලිව දැකගත හැකි අතර, ඔබ නොදත් ශ්‍රේෂ්ඨ හා සැඟවුණු දේ දැක ගැනීමටත් හැකි වේවි.

ක්‍රිස්තුස් වහන්සේ තුළින්, උන්වහන්සේගේ පූජාව නිසා දෙවියන්වහන්සේගේ හදවතේ ඇති දේ දන ගැනීමට ඔබට ප්‍රවේශය තිබෙනවා. ඒ තුළින් උන්වහන්සේ මෙන් සිතීමට හා උන්වහන්සේගේ මනස ලබා ගැනීමටත් ඔබට හැකි වේවි. එම නිසා, ඔබේ අවබෝධය ආලෝකවත් කර, ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට යේසුස් වහන්සේ දෙස බැලීමට හැකි වන පරිදි ඔවුන්ගේ වැස්ම ඉවත් කරන ලෙස ශුද්ධාත්මයාණන්ගෙන් ඉල්ලන්න. එළිදරව්ව ඔබේ ජීවිතයට පැමිණ, ඔබට යේසුස් වහන්සේගේ කැමැත්ත පරිදි, ප්‍රඥාවෙන් හා බුද්ධියෙන් ගමන් කිරීමට හැකි වන පරිදි යාච්ඤා කරන්න.




ගීතාවලිය 119:105

ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 3:16-17

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 1:1-2

දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.ඒවා විනාශවන්නේය; නුමුත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය;ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 2:14

නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 1:1

පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 33:3

මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 19:1-4

අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය.තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි.ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය. එහි උන්වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවුසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 32:8

ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 1:14

තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:17

එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 1:20

මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 2:6

මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 1:18

කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 58:6

මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 55:8-9

මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 6:46

එසේවී නුමුත් දෙවියන්වහන්සේ වෙතින් ආ තැනැත්තා මිස අන් කිසිවෙක් පියාණන්වහන්සේ නුදුටුවේය, ඔහු වනාහි පියාණන්වහන්සේ දුටුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 1:21

මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 25:14

ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 5:20

තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 17:3

සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 11:25-27

ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.එසේය, පියාණෙනි, මක්නිසාද එය ඔබගේ ඇස් හමුවෙහි ප්‍රසන්නදායක විය.මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:130

ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 10:21-22

ඒ පැයේදීම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත්ව කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. එසේය, පියාණෙනි; මක්නිසාද ඔබගේ කැමැත්ත එසේ විය.මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදී තිබේ. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුද කියා දන්නේ නැතැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 2:26

ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔහුට එළිදරව්කර තිබුණේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 1:11-12

ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි.මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 12:12

මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:20-21

ලෝකය මැවීමට පළමුවෙන් නියමකරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, උන්වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරණකොටගෙන අදහන්නාවූ නුඹලා උදෙසා,උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:13

එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 1:26-27

දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට, නුඹලා උදෙසා මට දෙනලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට, සභාවේ සේවකයෙක් කරනු ලැබීමි.අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:28

පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 12:13-14

සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 1:7

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:18

ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 16:25-26

ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, නුඹලා ස්ථිරකරන්ට සමර්ථවූ,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 4:4

උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 43:10

මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:11

ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:33

මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 11:1

ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 පේත්‍රැස් 1:20-21

අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:24

ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:17-18

එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 54:13

නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:28

තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 5:39

ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:5-6

නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:5

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 46:10

නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 12:8

කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 77:14

පුදුම දේ කරන දෙවියන්වහන්සේ නම් ඔබය. ඔබ මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබගේ ශක්තිය දැක්වූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 61:1-2

ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 13:11

උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:6-7

නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:2

නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 4:12

මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 3:11

උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 1:7

මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:45

මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:16

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 30:21

නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:7-8

ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 2:20

මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:5

බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:73

ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 8:10

එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 8:17

මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 2:9

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 31:15

මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 14:6

යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:20

ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:9

තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 33:6

නුඹේ කාලවලදී ආරක්ෂාවත් අධික ගැළවීමත් ප්‍රඥාවත් දැනගැන්මත් වන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඔහුගේ සම්පතය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 13:12

එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:1-2

එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත.තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 22:29

යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 139:1-4

ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය.සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්,අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය.ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්.ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන් ගනිමි.දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 10:17

මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:142

ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 10:17

ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 18:17-19

ස්වාමීන්වහන්සේ: මා කරන්ට යනදේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද?ආබ්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 1:16-17

මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 3:16

මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 6:18

මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 8:1

ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:33

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 58:9

එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 1:5

අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:1-2

එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න;බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 4:16

අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:18

ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 1:20-21

ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 2:2

ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නමැති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:114

ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:31

නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:1-2

එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ.එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය. ඒ ආදම් වනාහි එන්නාවූ තැනන්වහන්සේගේ ආදර්ශයක්ය.නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.ඇරත් දීමනාව වනාහි පව්කළ එක්කෙනෙකු කරණකොටගෙන මෙන් නොවේය. මක්නිසාද විනිශ්චය දඬුවම උදෙසා එක්කෙනෙකුගෙන් පැමුණුණේය, නුමුත් දීමනාව වනාහි බොහෝ වරදවලින් ධර්මිෂ්ඨකරනු ලැබීම සඳහාය.මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක් මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය.මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:8

දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 91:2

උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:25

අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 62:1

මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:13

මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:24-25

එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 2:27

නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:3

නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:152

ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 4:7

ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දානියෙල් 2:22

ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 8:12

එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 4:6

එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම

දෙවිඳුනි, මාගේ මුදවා ගන්නා! අද දින මම ඔබ වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව පුද කරන්නට ඔබ වහන්සේගේ සරණට පැමිණෙමි. පියාණනි, ඔබ වහන්සේගේ හදවතේ ගැඹුරු රහස් මට හෙළි කරන ලෙස ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. දානියෙල් මෙන්, ගැඹුරු හා සැඟවුණු දේ හෙළි කරන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ශුද්ධාත්මයාණනි, ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබූ දේවල් මට තේරුම් ගැනීමට සහ දැන ගැනීමට උපකාර කරන්න. ඔබ වහන්සේගේ වචනයේ මෙසේ සඳහන් වේ: "ඔහු ගැඹුරු හා සැඟවුණු දේ හෙළි කරයි; අන්ධකාරයේ ඇති දේ ඔහු දනී, ආලෝකය ඔහු සමඟ වාසය කරයි." මාගේ ජීවිතය සඳහා ඔබ වහන්සේට ඇති අරමුණ සහ කැමැත්ත මට හෙළි කරන්න. ඔබ වහන්සේට අවශ්‍ය මාර්ගයේ ගමන් කිරීමට මට අවශ්‍යයි, ඒ නිසා කරුණාව සහ කාලෝචිත උපකාර ලබා ගැනීමට මම ඔබ වහන්සේට කන්නලව් කරමි. ප්‍රඥාවෙන් හා හෙළිදරව්වෙන් මා පුරවන්න, මාගේ අවබෝධයේ දෑස් විවෘත කරන්න. කාලයේ සලකුණු තේරුම් ගැනීමට මට උදව් කරන්න. ඔබ වහන්සේගේ නීතියේ අරුමපුදුම දේ දැකීමට මාගේ දෑස් විවෘත කරන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ආදරණීය දෙවිඳුනි, දැනුමේ සහ බුද්ධියේ වරප්‍රසාදය මාගේ ජීවිතයේ මුදාහරින්න. ඔබ වහන්සේගේ මහිමය සියල්ලන් ඉදිරියේ මාගේ ජීවිතයේ ප්‍රකාශ වේවා, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම මා තුළ ප්‍රකාශ වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

උප ප්‍රවර්ගය

නිරන්තර ජීවනයේ පැතුමපුනර්ජීවනයේ පොරොන්දුවදෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රතිඥාවඑකඟතාවයදෙවියන් වහන්සේ ඔබව කිසිදා අත්නොහරින බවට දුන් පොරොන්දුවඋනන්දුවආදරය, ප්‍රේමය, සෙනෙහසසහායආශිර්වාදයශෝකයදෙවියන්ගේ රැකවරණයදෙවියන්ගේ රැකවරණයවිවේකයජීවිතයට මග පෙන්වීමඋත්කර්ෂයට නැංවීමවිශ්වාසයශක්තියආත්ම ජයග්‍රාහකයෝදෙවියන් වහන්සේගේ මහිමය අත්විඳින්නදරුවන්ආගන්තුක සත්කාරයයෞවනයින්සාධාරණීකරණයනිදහසදීර්ඝායුෂගුරුවරුන්භාරකාරත්වයදූත මෙහෙවරකාන්තාවන්ඉවසීමදෙවියන් වහන්සේගේ වදනනොපසුබට උත්සාහයදිව්‍ය පැමිණීමසෞභාග්‍යයසැපයුමආරක්ෂාවමෙසියස් රාජ්‍යයප්‍රතිසංස්කරණයනැවත නැඟිටීමහෙළිදරව්වගැලවීමදෙවියන්ට ගරුබියපෞද්ගලික වර්ධනයසරුසාර ජීවිතයක්
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්