Biblia Todo Logo
බයිබල් වචන
- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

උප ප්‍රවර්ගය

දුෂ්කර කාලවලදී දෙවියන් වහන්සේගේ අපරිමිත ප්‍රේමයදෙවියන් වහන්සේගේ දරුවන්ට ලැබෙන රැකවරණයදෙවියන්ගේ අසීමිත බලයදෙවියන්ගේ සර්වව්‍යාප්තියදෙවියන් වහන්සේගේ සර්වඥතාවදෙවියන් වහන්සේගේ මහිමයනීතියදෙවියන් වහන්සේගේ ගුණාංගදෙවියන් වහන්සේගේ ස්වභාවයදෙවියන්ගේ රැකවරණයදෙවියන් ගැනඑක්රැස්වීම පිළිබඳවදෙවියන් වහන්සේ අපට සැලසුම් කළ ජීවිතයදිව්‍යමය සුන්දරත්වයදෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටීමදෙවියන් වහන්සේගේ කරුණාවදෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයදෙවියන් වහන්සේගේ සත්ප්‍රජාවදිව්‍ය ප්‍රඥාවදෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයදෙවියන් වහන්සේගේ අභිප්‍රාය අභියෝගාත්මක කාලවලදීදෙවියන් වහන්සේගේ වදනදෙවියන්ගේ අඬ gọiමදෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ බයිබල් අදහස්දෙවියන් වහන්සේගේ කැමැත්තදෙවියන් වහන්සේ අපගේ පියාණන් ගැනදෙවියන්ගේ පුත්‍රයාණන් ගැනමසියාණන් ගැනත්‍රිත්වයකරුණාවදෙවියන් වහන්සේගේ අනුශාසනා

150 දෙවියන් වහන්සේගේ මහිමය පිළිබඳ පද්‍ය

150 දෙවියන් වහන්සේගේ මහිමය පිළිබඳ පද්‍ය
ගීතාවලිය 145:3

ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 10:17

මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 29:11

ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 32:17

අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:28

පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 147:5

අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 15:11

ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 96:4

මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:12

තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 104:1

මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 113:4-5

ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය. උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 2:2

ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 55:8-9

මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 11:33-34

අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද! එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද!

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 6:15-16

ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ, කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 57:15

මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 36:26

බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 44:6

ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 24:8

තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමීන්වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:19

ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දානියෙල් 4:35

පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමැති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:19-21

අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය. අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ටකළාවූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන්කරනලද සියලු නම්වලටත් වඩා උසස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නෙහෙමියා 9:6

ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 26:14

මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 43:13

එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 8:1-3

අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක. සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක. ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 33:6

ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 1:3

උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 10:6-7

ස්වාමීන්වහන්ස, ඔබට සමානවූ කිසිවෙක් නැත; ඔබ උතුම්සේක, ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ. ජාතීන්ගේ රජ්ජුරුවන්වහන්ස, ඔබට භය නොවන්නේ කවරෙක්ද? මක්නිසාද භයවිය යුත්තේ ඔබටය. කුමක්හෙයින්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවන්තයන් අතරේද ඔවුන්ගේ සියලුම රාජශ්‍රීයෙහිද ඔබට සමානවූ කිසිවෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 89:6-7

මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන්ට සමානකළ හැකිද? බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන්ට සමාන වන්නේද? උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 19:1

අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 34:6

ස්වාමීන්වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩිමින්: ස්වාමීන්වහන්සේය, ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 6:3

ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:8-9

ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 4:13

උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 139:1-4

ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක. එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්, අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද! ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි. දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති. ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද? සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන් ගනිමි. දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක. මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 45:5-7

මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත. එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එළිදරව් 4:11

අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 1:1

පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 77:13-14

දෙවියන්වහන්ස, ඔබගේ මාර්ගය ශුද්ධස්ථානයෙහිය. දෙවියන්වහන්සේ මෙන් උතුම් දෙවි කෙනෙක් කවුද? පුදුම දේ කරන දෙවියන්වහන්සේ නම් ඔබය. ඔබ මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබගේ ශක්තිය දැක්වූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:22

පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 90:2

කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දානියෙල් 2:20-22

දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය. කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය. ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 66:3

ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 1:20

මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 18:30

දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 41:10

භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 5:9

සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 40:5

මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 150:2

උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 97:9

මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 46:10

නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 43:11

මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 33:2-3

ඒක කරන ස්වාමීන්වහන්සේද ඒක පිහිටුවීමට ඒක යොදන ස්වාමීන්වහන්සේද වූ, යෙහෝවඃ යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේ මෙසේ කියනසේක: දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්, මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය. අහස් සේනාව ගණන්කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක්මෙන් මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේ වංශයද මට සේවයකරන ලෙවීවරුන්ද වැඩිකරන්නෙමියි කීය. තවත් ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය: ස්වාමීන්වහන්සේ තෝරාගත් වංශ දෙක උන්වහන්සේ එපාකළසේක කියා මේ සෙනඟ කී දේ නුඹ කල්පනාකරන්නේ නැද්ද? මෙසේ ඔව්හු මාගේ සෙනඟ සුළුකොට මොව්හු මින්මතු ජාතියක්ව නොසිටින්නෝයයි කියති. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්, මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි. මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:6-7

ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද? මට උපකාරකරන්නන් අතරෙහි ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. එබැවින් මට වෛරවන්නන්ට මාගේ ආශාව සිද්ධවෙනවා දකින්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:25

මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 1:1-3

පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය. නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය. තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව. යොහන් උන්වහන්සේ ගැන සාක්ෂිදෙමින්: මට පසුව එන්නාවූ තැනන්වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම්වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය. කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව. මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය. කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක. නුඹ කවරෙක්දැයි යොහන්ගෙන් අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවීයයන්ද යැවූ කල ඔහු දුන් සාක්ෂිය මේය. උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමඟ සිටිසේක. ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක්‍රිස්තුස්වහන්සේ නොවෙමියි කීවේය. ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය. එබැවින් ඔව්හු කථාකොට: අප එවූවන්ට උත්තරදෙන පිණිස, නුඹ කවරෙක්ද? නුඹ ගැනම නුඹ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට–ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරන්නය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය. ඔවුන් එවනු ලැබුවේ ඵරිසිවරුන් කෙරෙන්ය. එවිට ඔව්හු කථාකොට: ඉඳින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය. යොහන් ඔවුන්ට උත්තරදෙමින්: මම වතුරෙන් බව්තීස්මකරමි. නුඹලා නාඳුනන කෙනෙක් නුඹලා මැද සිටිනසේක, එනම් මට පසුව එන තැනන්වහන්සේය, උන්වහන්සේගේ වහන්සඟලේ පටිය මුදන්ටවත් මම නොවටිමියි කීවේය. මේ කාරණා සිද්ධවුණේ යොහන් බව්තීස්මකරමින් සිටි යොර්දානෙන් එගොඩ බෙතානියේදීය. පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ! උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 48:1

අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 9:6

මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මීකා 7:18-19

අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක. උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 3:14

එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ස්වයම්භූ නම් තැනන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි කියන්නැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 18:27

උන්වහන්සේද: මනුෂ්‍යයන්ට නුපුළුවන් දේ දෙවියන්වහන්සේට පුළුවනැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 42:8

මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 29:4

ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:38-39

මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 18:10

ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:31

නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එළිදරව් 1:8

මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 147:4

උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:20-21

ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:27

ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 65:6

උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 9:4

උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 23:24

මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 44:24

නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 7:21

මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 63:2-3

මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි. මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:4

මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:8

තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ දෙවියන්වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය කියාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 93:1

ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 11:36

මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 100:3

ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:29

මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නාහුම් 1:3

ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 138:5

එසේය, ස්වාමීන්ගේ මහිමය උතුම් නිසා, ඔව්හු ස්වාමීන්ගේ මාර්ගය ගැන ගීතිකාකරන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 52:10

ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 104:24

ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 37:23

සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 රාජාවලිය 8:27

නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 139:13-14

මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 29:12

වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩුකරනසේක; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස්කරන්ටත් ශක්තිමත්කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 25:1

ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 18:2

ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 4:24

දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 50:1-2

දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක. මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය. මට බඩගිනි වීනම්, නුඹට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය. මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද? දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට නුඹේ භාර ඉෂ්ට කරව. තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය. නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම නුඹේ කටට ගැන්මෙන් නුඹට කම් කිම්ද? මක්නිසාද නුඹ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය. නුඹ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය. නුඹේ කට නපුරට දී තිබේ, නුඹේ දිවද රැවටිලි යොදයි. අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:15-17

බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක. දැවීමට ලෙබනොන් මදිය, දවන පූජාවකට එහි සත්තුත් මදිය. සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 32:4

උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 19:7-9

ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය. ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය. ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 93:4

මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමීන්වහන්සේ බලවත්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 14:14

ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 16:27

එකම ප්‍රඥාවන්තවූ දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සදාකල්ම ගෞරවය වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 12:13

ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය; මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 49:13

ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 89:8-9

සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය. ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 10:14

බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 1:37

මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 106:8

එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 33:18-19

ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය. උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 41:4

පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 සාමුවෙල් 7:22

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ උතුම්ව සිටිනසේක. අපේ කන්වලින් ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබ ඇර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නෙහෙමියා 9:5

පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 2:17

මෙසේ මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත්කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත්කරනු ලබන්නේය. ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 135:5-6

මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි. ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 රාජාවලිය 8:60

තමන්ගේ මෙහෙකරුවන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ටකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මා විසින් ඔප්පුකළ මේ කන්නලව් වචන රෑ දාවල් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සමීපයෙහි පවතීවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 8:6

අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 4:39

එබැවින් ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවිකෙනෙක් නැති බවද අද දවසේ දැනගෙන ඒ බව නුඹේ සිතේ තබා ගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 45:18

මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 15:6

ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත පරාක්‍රමයෙන් මහිමවත්ය, ස්වාමීන්වහන්ස, ඔබගේ දකුණත සතුරා කැබලිකරදමයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 33:11

ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 42:2

ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 102:25-27

ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ. ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක. එසේය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරනසේක, ඒවාද මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 51:15

උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සාදා, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරියසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 48:13

එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 1:17

ඉඳින් අමරණීයවූ, අදෘශ්‍යමානවූ, එකම දෙවිවූ, සදාකාල රජ්ජුරුවන්වහන්සේට ගෞරවයද තේජසද සදාකාලේටම වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 89:13-14

ඔබට බලවත් බාහුවක් ඇත්තේය. ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය. ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 54:10

මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 93:2

ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එළිදරව් 19:6

එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 95:3-5

මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය. මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 33:27

සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය. නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 17:3

සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 45:5-6

මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 3:4

මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 සාමුවෙල් 22:31-32

දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ මිස දෙවියන්වහන්සේ වෙන කවුද? අපේ දෙවියන්වහන්සේ මිස පර්වතයක් වෙන කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 18:14

ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 105:3-4

උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා. ඔවුන්ගේ දේශය, තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා, මැඩියන්ගෙන් පිරී ගියාය. උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය. උන්වහන්සේ ඔවුන්ට වැසි වෙනුවට ගල් වැස්සද ඔවුන්ගේ දේශයට ගිනිදැල්ද එවූසේක. ඔවුන්ගේ මිදිවැල් සහ අත්තික්කා ගස්වලට පහරදී, ඔවුන්ගේ සීමා තුළ ගස් බින්දසේක. උන්වහන්සේ කථාකළසේක, පළඟැටියෝද අසංඛ්‍ය ගණන් දළඹුවෝද අවුත්, ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කෑවෝය, ඔවුන්ගේ භූමියේ ඵලද කෑවෝය. උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක. තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය. ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය; මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය. උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක. ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 37:14-16

එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද? දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 98:1

ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 61:1-3

ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද, මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක. මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත. ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද, සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 68:34-35

බලය දෙවියන්වහන්සේට අයිති බව කියව්. උන්වහන්සේගේ උතුම්කම ඉශ්‍රායෙල් කෙරෙහිය, උන්වහන්සේගේ ශක්තිය ආකාශයන්හිය. දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානවල සිට ඔබ භයංකරව පෙනෙනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේම ස්වකීය සෙනඟට ශක්තියත් බලයත් දෙනසේක. දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 10:12-13

උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සෑදූසේක, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ ඥානයෙන් අහස දිගඇරියසේක. උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් තිබෙයි, උන්වහන්සේ පොළෝ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එළිදරව් 15:3-4

ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 24:1

පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 63:1

ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:28

තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යූද් 1:25

අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

උප ප්‍රවර්ගය

දුෂ්කර කාලවලදී දෙවියන් වහන්සේගේ අපරිමිත ප්‍රේමයදෙවියන් වහන්සේගේ දරුවන්ට ලැබෙන රැකවරණයදෙවියන්ගේ අසීමිත බලයදෙවියන්ගේ සර්වව්‍යාප්තියදෙවියන් වහන්සේගේ සර්වඥතාවදෙවියන් වහන්සේගේ මහිමයනීතියදෙවියන් වහන්සේගේ ගුණාංගදෙවියන් වහන්සේගේ ස්වභාවයදෙවියන්ගේ රැකවරණයදෙවියන් ගැනඑක්රැස්වීම පිළිබඳවදෙවියන් වහන්සේ අපට සැලසුම් කළ ජීවිතයදිව්‍යමය සුන්දරත්වයදෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටීමදෙවියන් වහන්සේගේ කරුණාවදෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයදෙවියන් වහන්සේගේ සත්ප්‍රජාවදිව්‍ය ප්‍රඥාවදෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයදෙවියන් වහන්සේගේ අභිප්‍රාය අභියෝගාත්මක කාලවලදීදෙවියන් වහන්සේගේ වදනදෙවියන්ගේ අඬ gọiමදෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ බයිබල් අදහස්දෙවියන් වහන්සේගේ කැමැත්තදෙවියන් වහන්සේ අපගේ පියාණන් ගැනදෙවියන්ගේ පුත්‍රයාණන් ගැනමසියාණන් ගැනත්‍රිත්වයකරුණාවදෙවියන් වහන්සේගේ අනුශාසනා
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්