Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 17:9 - සිංහල කාලීන පරිවර්තනය

9 “ප්‍රඥාවන්ත මනසක් අවශ්‍ය මෙහිදී ය. හිස් හත, ස්ත්‍රිය හිඳ සිටින කඳු හත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ප්‍රඥාව ඇති සිත මෙහිය. හිස් සත නම් ස්ත්‍රිය වාඩිවී හිඳින කඳු සතය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 17:9
10 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත.


“එබැවින්, දානියෙල් දිවැසිවරයා මඟින් පවසන ලද ‘බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා)


මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය.


ප්‍රඥාව අවශ්‍ය මෙහිදී ය. වැටහීම ඇත්තා, මෘගයාගේ අංකය ගණන් කරත්වා. මන්ද එය මිනිසකුගේ අංකයකි. උගේ අංකය හයසිය හැටහය ය.


ඔබ දුටු ස්ත්‍රිය, පොළොවේ රජුන් කෙරේ ආධිපත්‍යය දරන මහ පුරවරයැ” යි පැවසී ය.


ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.


එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්