Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 21:12 - Sinhala Revised Old Version

12 දාවිත් ඒ වචන සිතටගෙන ගාත්හි රජවූ ආඛීෂ්ට බොහෝසෙයින් භයවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 දාවිත් ඒ වචන සිතට ගෙන ගාත්හි රජ වූ ආකීෂ්ට බොහෝ සේ බිය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 දාවිත් ඒ වචන සිතට ගෙන ගාත්හි රජ වූ ආකීෂ්ට බොහෝ සේ බිය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 21:12
10 හුවමාරු යොමු  

ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.


ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.


ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.


මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.


නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය.


උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය.


කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.


දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය.


ඔවුන් ඉදිරියේදී ඔහු තමාගේ හැසිරීම වෙනස්කොට, පිස්සු වැටුණාක් මෙන් ඔවුන් ළඟදී හඟවමින්, වාසල්දොර පහුරුගෑවේය, තමාගේ කෙළ රැවුල පිට වැටෙන්ටත් ඇරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්