Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 6:13 - Sinhala New Revised Version 2018

13 ඇය සරණ පාවා ගැනීමට ඔබට අයිතියක් ඇත. සොහොයුර, ඇහුම්කන් දෙන්න. අද සවසට ඇය ගැන ඇගේ පියාට කතා කොට, ඔබට විවාහ ගිවිසුම් බස් දීම ගැන ඇය සූදානම් කරමි. රාගේස්වලින් ආපසු පැමිණි විට විවාහ මංගල්‍යය සිදු කළ හැකි ය. ඔබට ඇය පාවා දීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ඇය ගැන වෙන කෙනෙකුට විවාහ ගිවිසුම් දීමට හෝ රගුවෙල්ට අයිතියක් නැති බව මම සහතික කොට කියමි. නෑකම නිසා ඇය ඔබට සරණ පාවා දීමේ පරම අයිතිය ඔහු දැනගත් පසු ව පවා ඔහු එසේ නුදුන්නොත්, මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් පරිදි ඔහු මරාදැමීමට නියම වේ. එබැවින් සොහොයුර, ඇහුම්කන් දෙන්න. අද සවස ම අපි ගැහැණු ළමයා ගැන කතා කොට, ඇය සරණ පාවා ගැනීමට අවසර ඉල්ලමු. අපි රාගේස්වලින් ආපසු පැමිණි විට, ඇය ලබාගෙන අප සමඟ ගෙදර කැඳවාගෙන යමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 6:13
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්