ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 11:7 - සිංහල කාලීන පරිවර්තනය

එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතුව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 11:7
41 හුවමාරු යොමු  

හෙරෝද් වෙත ආපසු නො යන ලෙස සිහිනයක් මඟින් අවවාද ලද ඔවුන්, ආපසු තම රට බලා ගියේ වෙනත් මගකිනි.


“එබැවින්, දානියෙල් දිවැසිවරයා මඟින් පවසන ලද ‘බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා)


ඔන්න, කල්තියාම මම ඔබට කීවෙමි.


මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය.


එහෙත් පරිසිවරුන් හා සද්දුසිවරුන් බොහෝ දෙනෙක් බව්තීස්ම ලබන්නට එනු දුටු ඔහු, ඔවුන් අමතමින්, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද?


“නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි.


එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ” යි ලියා තිබෙන පරිදි ය.


එහෙත් ඇදහිල්ලට පාදක වූ ධර්මිෂ්ඨකම පවසන්නේ, “ ‘ස්වර්ගයට නැගෙන්නේ කවරෙක් ද’ (ක්‍රිස්තුස්වහන්සේ පහළට ගෙනෙන පිණිස) කියා හෝ


දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.


ඔහු චර්මඡේද ලකුණ ලද්දේ, ඔහු තවමත් චර්මඡේද නො වී සිටියදී, ඇදහිල්ල මඟින් ලද ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් වශයෙනි. එහි අරමුණ, චර්මඡේද වීමෙන් තොරව, විශ්වාස කරන සියල්ලන් ධර්මිෂ්ඨයින් වශයෙන් ගණන් ගැනෙන පිණිස, ඔහු ඔවුන්ගේ පියාණන් බවට පත් වීමටත්,


මන්ද ආබ්‍රහම්ටත්, ඔහුගේ පෙළපතටත් ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව ඔහු ලද්දේ, දහම් නීතිය මඟින් නො ව, ඇදහිල්ල කරණකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම මඟිනි.


එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.


මන්ද ආත්මයාණන්වහන්සේ තුළින්, ඇදහිල්ලෙන්, අප ලැදියාවෙන් බලා හිඳින්නේ, ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුවයි.


මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ දහම් නීතියෙන් එන මගේම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මඟින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මඟිනි.


ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි.


කතා කරන්නා වූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන්නට බලා ගන්න. පොළොවේදී තමන්ට අවවාද කළ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ගැලවුණේ නැතිනම්, ස්වර්ගයේ සිට අවවාද කරන තැනැන්වහන්සේ වෙතින් ඉවත හැරුනහොත්, අපි කෙලෙස ගැලවෙන්නෙමු ද?


යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.


ස්වර්ගීය දේවල අනුරූපයකට හා ඡායාවකට ඔවුහු සේවය කරති. මන්ද මෝසෙස් කූඩාරම හදන්නට යද්දී: “කන්දේදී ඔබට පෙන්වූ සැලැස්මට අනුව හැම දේම හදන්නට වගබලා ගන්නැ” යි ඔහු දෙවියන්වහන්සේගෙන් උපදෙස් ලැබී ය.


මන්ද ඔවුන්, නෝවාගේ දවස්වලදී නැව සාදන අතරේ දෙවියන්වහන්සේ ඉවසිලිවත්ව බලා සිටි කාලයේදී කීකරු නො වූවන් ය. ඒ නැවෙහි ස්වල්ප දෙනෙක්, ගණනින් අට දෙනෙක් පමණක් ජලය තුළින් ගලවනු ලැබූහ.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.


ලෝකයේ දුෂ්ට අභක්තික ජනයා පිට ජල ගැල්ම එවූ කල, උන්වහන්සේ එම පැරණි ලෝකයට දඬුවම් දීමෙන් නො වැළකී, ධර්මිෂ්ඨකමේ දේශකයකු වූ නෝවා ද තවත් හත්දෙනකු ද පමණක් ආරක්ෂා කළ සේක් නම්,


එකල පැවති ලෝකය ඒ ජලය මඟින්ම විනාශ කර දමන ලද බවත්,