Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 2:12 - සිංහල කාලීන පරිවර්තනය

12 හෙරෝද් වෙත ආපසු නො යන ලෙස සිහිනයක් මඟින් අවවාද ලද ඔවුන්, ආපසු තම රට බලා ගියේ වෙනත් මගකිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 2:12
17 හුවමාරු යොමු  

එහෙත් හෙරෝද්ගේ පුත් අර්කෙලාවුස් සිය පියාගේ තැන ගෙන යුදයේ රජකම් කරන බැව් අසා, එහි යෑමට බිය වූ ඔහු සිහිනයකින් අවවාද ලැබ, ගලීල පළාතට අහක්ව ගොස්,


හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී,


ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය.


පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.


එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් ඔහුට පෙනී, “යෝසෙප්, දාවිත්ගේ පුත්‍රය, ඔබේ භාර්යාව වන මරියා ආවාහ කර ගන්නට බය නො වන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයාණන් මඟින් වූවකි.


එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතුව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.


පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.


එහෙත් පේතෘස් හා යොහන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට වඩා, ඔබට කන්දීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිදැයි ඔබම තීරණය කරන්න.


මන්ද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියේ අඥානකමකි. මන්ද, “උන්වහන්සේ ප්‍රඥාවන්තයින් ඔවුන්ගේම උපායවලින් හසුකර ගන්නා සේකැ” යි ලියා තිබේ.


ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළිකර තිබිණි.


ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ.


ස්වර්ගීය දේවල අනුරූපයකට හා ඡායාවකට ඔවුහු සේවය කරති. මන්ද මෝසෙස් කූඩාරම හදන්නට යද්දී: “කන්දේදී ඔබට පෙන්වූ සැලැස්මට අනුව හැම දේම හදන්නට වගබලා ගන්නැ” යි ඔහු දෙවියන්වහන්සේගෙන් උපදෙස් ලැබී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්