මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.
හෙබ්‍රෙව් 11:17 - සිංහල කාලීන පරිවර්තනය පරීක්ෂා කරනු ලැබූ කල, ආබ්‍රහම් ඊසාක් ඔප්පු කළේ ඇදහිල්ලෙනි; පොරොන්දුව ලැබ සිටි තැනැත්තා තම එකම පුත්‍රයා පූජා කරන්නට වූයේ, Sinhala New Revised Version ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල, ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙළේ ය. Sinhala New Revised Version 2018 ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල, ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙළේ ය. Sinhala Revised Old Version ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය. |
මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.
මන්ද ඕනෑකම ඇත්නම්, එය පිළිගැනෙන්නේ කෙනකුට ඇති දේට අනුකූලව ය; ඔහුට නැති දේට අනුකූලව නො වේ.
ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.
එහෙත් ඔවුන්ගෙන් පැවතෙන්නකු නො වූ මේ මිනිසා, ආබ්‍රහම්ගෙන් දසයෙන් කොටස පිළිගෙන, පොරොන්දු ලද තැනැත්තා වූ ඔහුට ආශිර්වාද කළේ ය.
මෙන්න! අප සිතන්නේ ස්ථිරව රැඳී සිටි අය භාග්‍යවත් ය කියායි. යෝබ්ගේ ස්ථිර භාවය ගැන ඔබ අසා ඇත. අවසානයේදී ස්වාමින්වහන්සේගේ තීරණය ද ඔබ දුටුවෙහි ය. ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් සහ දයාබරකමින් පූර්ණ ය.
ප්‍රේමණීයයනි, ඔබ පරීක්ෂා කරන්නට දැවෙන පරීක්ෂා ඔබ පිට පැමිණි කල, ඔබට මහ අමුතු දෙයක් සිදු වෙතැයි විස්මිත නො වන්න;
ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.