ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 8:38 - සිංහල කාලීන පරිවර්තනය

යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා උන් වහන්සේ සමඟ නවතින්න අවසර ඉල්ලී ය. එහෙත්, උන් වහන්සේ ඔහු යවමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා උන් වහන්සේ සමඟ නවතින්න අවසර ඉල්ලී ය. එහෙත්, උන් වහන්සේ ඔහු යවමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින්ට උන්වහන්සේගෙන් ඉල්ලුවේය. නුමුත් උන්වහන්සේ ඔහු යවමින්:

පරිච්ඡේදය බලන්න



ලූක් 8:38
24 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැඟුවේ ය.


ගෙරසේන අවට පෙදෙසේ මුළු ජනයා තමන් වෙතින් ඉවත්ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. මන්ද ඔවුන් සිටියේ මහත් භීතියෙනි. එබැවින් උන්වහන්සේ ඔරුවේ නැගී ආපසු ගිය සේක.


“ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.


ඒ දෙක අතර දෙපැත්තට අදිනු ලබමි: මාගේ ආශාව මේ ජීවිතයෙන් ඉවත් වී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම ය. මන්ද එය බෙහෙවින්ම හොඳ ය.