Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 8:39 - සිංහල කාලීන පරිවර්තනය

39 “ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 “ඔබේ ගෙදරට හැරී ගොස්, දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ල ම ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. ඔහු ගොස්, ජේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේ කළ සේක් දැ යි නුවර පුරා ප්‍රචාරය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 “ඔබේ ගෙදරට හැරී ගොස්, දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ල ම ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. ඔහු ගොස්, ජේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේ කළ සේක් දැ යි නුවර පුරා ප්‍රචාරය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 නුඹේ ගෙදරට හැරී ගොස්, දෙවියන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශකරන්නැයි කීසේක. ඔහු ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:39
13 හුවමාරු යොමු  

එහෙත් ඔහු පිටත්ව ගොස්, ඒ ගැන පතළ කරමින්, ප්‍රසිද්ධියේ කතා කළේ ය. ඒ හේතුවෙන් යේසුස්වහන්සේට ප්‍රසිද්ධියේ කිසි නගරයකට ඇතුළු වීමට නො හැකි විය. උන්වහන්සේ නගරයෙන් පිටත හුදෙකලා තැන්වල සිටිය ද හැම පැත්තෙන්ම ජනයා උන්වහන්සේ වෙත ආහ.


යේසුස්වහන්සේ ඔරුවට ගොඩවෙද්දී, යක්ෂාවේශව සිටි මිනිසා උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය.


ඊට අවසර නුදුන් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ මිතුරන් වෙත ගෙදර ගොස්, ස්වාමින්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියාත්, උන්වහන්සේ ඔබ කෙරෙහි පෑ දයාව කොතෙක් ද කියාත් ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක.


යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්,


යේසුස්වහන්සේ ආපසු ආ කල, ජනයා සාදරයෙන් උන්වහන්සේ පිළිගත්හ. මන්ද උන්වහන්සේ එන තෙක් ඔවුන් මඟ බලා සිටි බැවිනි.


“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.


යමෙක් තම නෑයින්ට, විශේෂයෙන්ම තම පවුලේ අයට තම යුතුකම් ඉටු කරන්නේ නැතිනම්, ඔහු ඇදහිල්ල ඉවත දැමූවකු ද නො ඇදහිලිකරුවකුටත් වඩා අන්ත කෙනකු ද වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්