“ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත.
ලූක් 8:32 - සිංහල කාලීන පරිවර්තනය මහ ඌරු රැළක් අසල කන්දේ අහර කමින් වුන්හ. ඌරු රැළට වැහෙන්නට ඔවුහු අවසර ඉල්ලූහ. උන්වහන්සේ අවසර දුන් කල, Sinhala New Revised Version එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. ඌරන්ට වැහෙන පිණිස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ. උන් වහන්සේ අවසර දුන් සේක. Sinhala New Revised Version 2018 එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. ඌරන්ට වැහෙන පිණිස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ. උන් වහන්සේ අවසර දුන් සේක. Sinhala Revised Old Version එතැන කන්දේ මහත්වූ ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝය. උන්ට වැහෙන්ට යක්ෂයෝ උන්වහන්සේගෙන් අවසර ඉල්ලුවෝය. උන්වහන්සේ ඔවුන්ට අවසර දුන්සේක. |
“ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත.
මිනිසා වෙතින් දුරුව ආ යක්ෂාත්මයෝ ඌරු රැළට වැහුණහ. එවිට බෑවුම පහළට වේගයෙන් දුව ගිය ඌරු රැළ විලේ ගිලී මළෝ ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.
ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.