ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 7:9 - සිංහල කාලීන පරිවර්තනය

ඒ ඇසූ කල, ඔහු ගැන විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස දෙස හැරී, “මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හිවත් මා දැක්කේ නැති වග මා ඔබට කියනවා” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිත වී, හැරී, තමන් පසුපස්සේ ආ පිරිසට; “මුළු ඉශ්රායෙල් ජනතාව අතර වත් මෙ‍තරම් මහා ඇදහිල්ලක් මා දැක නැතැ යි නුඹලාට කියමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිත වී, හැරී, තමන් පසුපස්සේ ආ පිරිසට; “මුළු ඉශ්රායෙල් ජනතාව අතර වත් මෙ‍තරම් මහා ඇදහිල්ලක් මා දැක නැතැ යි නුඹලාට කියමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.

පරිච්ඡේදය බලන්න



ලූක් 7:9
9 හුවමාරු යොමු  

එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේම සුවය ලද්දී ය.


ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි.


යක්ෂාත්මය දුරු කරනු ලැබූ කල, ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. ඉන් විස්මයට පත් ජනයා, “මෙහෙම දෙයක් ඉශ්‍රායෙලයේ කවදාවත් දැක නැතැ” යි කීහ.


යවනු ලැබූ අය නිවසට ආපසු පැමිණි කල, ඒ දාසයා හොඳ සුවයෙන් සිටිනු දුටුවහ.


එහෙත් යේසුස්වහන්සේ ස්ත්‍රිය අමතා, “ඔබේ ඇදහිල්ල ඔබ ගැලවී ය; සාමයෙන් යන්නැ!” යි පැවසූ සේක.


මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා මොහුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.