Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:10 - සිංහල කාලීන පරිවර්තනය

10 යවනු ලැබූ අය නිවසට ආපසු පැමිණි කල, ඒ දාසයා හොඳ සුවයෙන් සිටිනු දුටුවහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යවනලද්දෝ ගෙට හැරී ගිය කල දාසයා සුවපත්ව සිටිනවා දුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:10
6 හුවමාරු යොමු  

පසුව යේසුස්වහන්සේ, “යන්න! සිදු වෙතැයි ඔබ විශ්වාස කළ පරිදි වෙතැ” යි සියයේ සෙන්පතියාට කී සේක. ඒ මොහොතේම ඔහුගේ මෙහෙකරුවාට සුවය ලැබිණ.


“ඔබට හැකි නම්!” කී යේසුස්වහන්සේ, “විශ්වාස කරන්නාට සියල්ල හැකි යැ” යි පැවසූ සේක.


එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේම සුවය ලද්දී ය.


ඒ ඇසූ කල, ඔහු ගැන විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස දෙස හැරී, “මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හිවත් මා දැක්කේ නැති වග මා ඔබට කියනවා” යි පැවසූ සේක.


ඉන් අනතුරුව උන්වහන්සේ නායින් නම් වූ නගරයට ගිය සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද මහා ජන සමූහයක් ද උන්වහන්සේ සමඟ ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්